160ට පිටි වෙළෙඳපොළේ නෑ


(මහින්ද නිශ්ශංක)

ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතලියකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පසුගිය දා රුපියල් 160 ට තිබූ ආනයන තිරිඟු පිටි කිලෝවක තොග මිල අද වන විට රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංගමය කියයි.

රුපියල් 40 ක බද්දක් යටතේ ඕනෑම අයකුට තිරිඟු පිටි ගෙන්වීමට තිබූ අවස්ථාවට අහෝසි කර අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබා ගත යුතු බවට මුදල් අමාත්‍යංශය නියෝගයක් නිකුත් කිරීමත් සමග ආනයනය තිරිගු තොග මිල වැඩි වීමට හේතු වී තිබේ.