'යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ සිව් වසරකදී පරාජය වුණා’


(දිල්රුක්ෂි ග්‍රේරු සහ මුදිතා දයානන්ද ලග්ගල සිට)
 
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ  දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ අද (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලැබූ ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද බොහෝ ඇතිබව පැවසූ ජනාධිපතිවරයා එම පරාජයන් ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි කාලයේදී කැපවීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය.

“ජාතින් අතර සාමය සමගිය වැඩි කරන්න කළ හැකි සියලු දේ මම කරනවා. පක්ෂ පාට වලින් මිදිලා රටේ ආර්ථිකය ගොඩනගන්න පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා එකාවන්ව කැපවීමෙන් වැඩ කළ යුතුයි.”

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)