(නිමල කොඩිතුවක්කු)
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සදහා ස්ථීර පත්වීම් ලිපි ප‍්‍රදානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) සිදුකෙරිණි.
විශ‍්‍රාමික සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා විශ‍්‍රාම වැටුප් ලිපි පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, ඛණිජතෙල් රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)









