ශ්‍රීලනිපය ආණමඩුවට සහ නවගත්තේගමට නම් දෙයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණමඩුව, කරුවලගස්වැව සහ නවගත්තේගම, ප්‍රාදේශිය සභා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිම ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සිදු විය.
 
ආණමඩුව ප්‍රදේශීය සභාව සඳහා මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වදින කණ්ඩායම අතර හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා ද සිටීම විශේෂත්වයකි. ගාමිණි වඩිගමංගාව මහතා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කාලයක් කටයුතු කළේය. ඔහු ප්‍රබල දේශපාලන චරිතයක් වන අශෝක  වඩිගමංගාව මහතාගේ සොහොයුරාද වෙයි.