(හිරාන් ප්රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව ප්රාදේශීය සභාවට තරග වැදිම සදහා පිළිගත් දේශපාලන පක්ෂ පහකින් සහ ස්වාධින කන්ඩායම් දෙකකින් නාම යෝජනා ඉදිරිපත් කළ බව පුත්තලම දිස්ත්රික් ලේකම් හා තේරිම් භාර නිලධාරි එම්.එන්.එම් .චිත්රානන්ද මහතා පැවසිය.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවර්ණය සදහා වනාතවිල්ලුව ප්රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග්රසය යන පිළිගත් දේශපාලන පක්ෂ 5 සමග ස්වාධින පක්ෂ දෙකක අපේක්ෂකයින් 147ක් මෙවර තරග බිමට එක්ව ඇති අතර එයින් සභිකයින් 18 දෙනකු තෝරා ගැනිමට නියමිතය.



