(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ආකාරයෙන් කෝට්ටේ ප්‍රදේශයේ අත් පත්‍රිකාවක් බෙදීමේ සිදුවීම ගැන තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට කණගාටුව පළ කරන්නේ යැයි පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමැති හර්ෂ ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට අද (11) පැවැසීය.
මෙම අත්පත්‍රිකා බෙදීමට තමාගේ දේශපාලන ක්‍රියාකාරිකයකු සම්බන්ධ වී ඇතැයි ද තමා එය කිසිසේත් අනුමත කරන්නේ නැතැයි ද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර කීය.
වසර දහයකට ආසන්න වන තම දේශපාලන ජීවිතයේදී කිසි දවසක තමා මඩ දේශපාලනයට අවතීර්ණ වී නැතැයි ද පුද්ගල අපහාසය යනු තමා අනුමගමනය කරන දේශපාලන මාර්ගය නොවන්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම සිදුවීම වී ඇත්තේ තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව යැයි ද එයින් අපහසුතාවයට පත් වූ සියලු පාර්ශ්වයන්ට නැවත නැවතත් කනගාටුව පළකරන්නේ යැයි ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

