(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම මස 31 වනදා කොළඹ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණය ඇතුළු මැතිවරණවලදී දෙපාර්ශවය එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ‘පුටුව’ ලකුණින් තරග කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ රැුසක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මේ දිනවල ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණීමෙන් පසු එම ගිවිසුමට අත්සන් තැබීමට අදාළ කටයුතු සිදුවන බවයි.
මෙම නව සන්ධානයේ තනතුරු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු සාකච්ඡුා කරන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මෙහි සම නායකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පත්වනු ඇතැයි වාර්තා වන අතර එහි ලේකම්, ජාතික සංවිධායක, උප සභාපතිවරුන්, උප ලේකම්වරුන් ආදී තනතුරු එම දෙපාර්ශවය අතර මෙන්ම මෙම සන්ධානයේ සෙසු සාමාජික පක්‍ෂ අතර බෙදී යනු ඇතැයි ද වාර්තා වේ.

