( ඩයනා උදයංගනී)
මනුස්සකම රජයන - සංවර්ධනයේ අරුණලු උදා කරන සොදුරු රටක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නියෝජනය කරන අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නාම යෝජනා බාර දීමෙන් අනතුරුව මැතිවරණ ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් සජිත් ප්‍රෙමදාස මහතා මේ බව සඳහන් කළේය.
එළැඹෙන 10 වැනිදා කොළඹින් සිය මැතිවරණ කටයුතු අරඹන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඡායාරූපය ලහිරු හර්ෂණ

