(රංජන් කස්තුරි)
කිසියම් අපේක්ෂකයකු නාමයෝජනා බාරදුන් පසු තවත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනීසිටීම සහ ඔහුට ඡන්ද ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කිසියම් අපේක්ෂකයකුට එලෙස නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලට නිකුත් කළ ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

