(මහින්ද නිශ්ශංක)
‘දෙනුවර මැණිකේ‘ නමින් නව සුඛෝපභෝගී දුම්රියක් ලබන 01 වැනිදා සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
වායු සමනය කළ මැදිරි දෙකක්ද දෙවැනි පන්තියේ මැදිරි දෙකක්ද සහ තුන්වැනි පන්තියේ මැදිරි තුනකින් සහ භෝජනාගාර මැදිරියකින් සමන්විත මෙම දුම්රියේ මගීන් 450 කට පහසුකම් සපයා ඇතැයිද නියෝජ්‍ය වාණිජ අධිකාරී බඩ්ලිව් ඩී ආර් පද්මලාල් මහතා පැවසීය.
01 වැනිදා උදෑසන 6.45 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන අතර එදින පස්වරු 3.27 ට බදුල්ලට ළඟා විමට නියමිතය. පසුදා යළි උදෑසන 7 ට බදුල්ලෙන් පිටත් වී සවමස 4.03 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.

