(ඩයනා උදයංගනී)
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා එම තනතුරට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මහමැතිවරණය පවත්වන තුරු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් සමග කටයුතු කළ නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගෙන මෙලෙස නව අග‍්‍රාමාත්‍යවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත්කරගන්නා බව ද අමරවීර මහතා කීවේය.
ඒ සදහා මන්ත‍්‍රීවරුන් 120කගේ පමණ සහය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබෙනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

