‘එජාපයේ ප්‍රබලයින් තිදෙනකු ගෝඨාට සහය දෙන්න එක්වෙනවා‘


(ඩයනා උදයංගනී)

පළාත් තුනක් නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයින් තිදෙනෙකු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරියේදී එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසා ඒ කවුරුන්දැයි දැන්ම හෙළි කළ නොහැකි බව ද ගම්මන්පිල මහතා ස`දහන් කළේය.

ඉදිරියේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සැලසුමක් මේ වන විට එක්සත් ජාතික පක්‍ෂය මගින් ක‍්‍රියාත්මක කර ඇතැයි කී ගම්මන්පිල මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිට පැටවීම ඉන් එකක් බව ද කීවේය.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී  අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙහිදී පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමින් දැවැන්ත නායයෑමකට ලක්ව තිබෙන බවයි.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු තවත් විශාල පිරිසක් ඉදිරියේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම`ග එක්වන බව ද හෙතෙම පැවසීය.