(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව උල්හිටියාව වෙරළට ගසාගෙනවිත් තිබූ කල්ඉකුත් වූ ඖෂධ තොගය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩි.එම්.කේ දිසානායක මහතාගෙන් කළ විමසිමේදී පැවසීය.
විශාල ප්‍රමාණයේ පොහොර උර වල අසුරා තිබූ මෙම විශාල ඖෂධ තොගය වෙන්නප්පුව උල්හිටියාව වෙරළට ඊයේ (25) සවස ගොඩ ගසා තිබියදී එය දුටු ධීවරයින් වෙන්නප්පුව පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.
මෙම ඖෂධ තොගය පොහොර උර 9ක අසුරා තිබූ අතර ධීවරයින්ගේ දැනුම්දීම මත පොලිස් නිලධාරීන් විසින් මෙම ඖෂධ තොගය පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට කටයුතු කරන බව කියයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩි.එම්.කේ .දිසානායක මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“කිසිම ලෙසකින් ඖෂධ පරිසරයට මුදා හැරීම සම්පූර්ණයෙන් තහනම් ක්‍රියාවක්. එය කල් ඉකුත් වුවත්, නොවුණත් නොකළ යුතු කටයුත්තක්. මේ නිසා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අපිට හැකියාව තිබෙනවා. අදාල ඖෂධ කුමන රටක නිෂ්පාදිත ඒවාද? එය ශ්‍රී ලංකාවට බෙදාහැරීම සිදුකරන්නේ කුමන සමාගමද කියා සොයාබලා එම ආයතනවලට නීතිමය කටයුතු කරන්න“ යැයි පැවසීය.
මෙම ඖෂධ තොගය සම්බන්ධව වෙන්නප්පුව පොලිසිය අද (26) මාරවිල අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



