(ආරියදාස කොඩිතුවක්කු , දිලීප් ජයසේකර)
බාල වයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් චීවරධාරියෙකුට වසර 14 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා අගතියට පත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (06) නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම් නියම වුයේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරවාසීව සිටි 48 හැවිරිදි හිමි නමකටය.
සැකකාර හිමි නම අගුණුකොළපැලැස්සේ පදිංචි එකම පවුලේ බාල වයස්කාර අයියා මලෝ දෙදෙනෙකු රවටා අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
සැකකාර හිමි නමට එරෙහිව පැවති මුලික නඩු විභාගයෙන් පසු නිතීපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ සැකකාර හිමි නමට නඩු පැවරුණු අතර නඩු විභාගය ආරම්භයේදිම සැකකා හිමි නම අදාල චෝදනා සදහා වරද පිළිගනු ලැබීය .ඒ හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා සැකකාර හිමිනමට දඩුවම් නියම කෙරුණි.
සැකකාර හිමි නම චෝදනා පිළිගැනිම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ආර්.ඒස.එස්.සපුවිද මහතා සැකකාර හිමි නමට එක් චෝදනාවක් සදහා වසර 7 බැගින් වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
මීට අමතරව අගතියට පත් බාල වයස්කාර දරුවන් දෙදෙනා සදහා රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි.
වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
මිට අමතරව සැකකාර හිමි නමට රුපියල් 5000 බැගින් රුපියල් 10,000 ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් මාස හය බැගින් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
මීට අමතරව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ සැකකාර හිමි නමට අධිකරණයේ රුපියල් 2000ක මුදලක් තැන්පත් කරන ලෙසද නියෝග කෙරුණු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් මාස 03ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

