හෝටල ඝාතනයේ හය වැනියාත් රිමාන්ඩ්
තංගල්ල මැඩිල්ලේ සංචාරක හෝටලයදී බ්‍රිතාන්‍ය වැසියකු මරා රුසියා ජාතික පෙම්වතියකට තුවාල කළැයි කියන පිරිස ආ වෑන්රියේ රියැදුරා හා හිමිකරු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරි පියදාස රත්නායක වීරකෝන් යළි රිමාන්ඩ් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය. තංගල්ල ප්‍රදේශීය සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු තව පස්දෙනෙක් මීට කලින් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

