(මනෝප‍්‍රිය ගුණසේකර)
රිය අනතුරක් පිළිබදව තොරතුරු වසන් කිරීම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා හා වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අද (16) නියම කළේය.
මන්ත‍්‍රීවරයා අතින් සිදුවු රිය අනතුරකින් ඔහුගේ ආරක්‍ෂ නිලධාරියා මියයෑමේ සිද්ධියට අදාළව තොරතුරු වසන් කිරීම හා අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත සැළකිල්ලට ගැනීමෙන් අනතුරව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියෝග කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
2011 වසරේ වව්නියාව සෙට්ටිකුලම් ප‍්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ මෝටර් රථයේ ඔහු සමඟ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීයා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාද, එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර හා අනුබල දුන් බව කියන වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නියෝග නිකුත් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයා හා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරව ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඔවුන් සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට වැඩිදුරටත් නියම කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.
හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට ලැබුණු බලපත‍්‍රයක් මත ඔහු විසින් ලබාගත් ලියාපදිංචි නොකළ මෝටර් රථයෙන් ඔහු සිය ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා සමඟ 2011 මාර්තු මස 30 වැනිදා ගමන් කරමින් සිට ඇතැයිද එසේ ගමන් කරමින් සිටියදී වව්නියාව සෙට්ටිකුලම් රෝහල අසලදී ගසක හැපී අනතුරක් සිදුවී ඇතැයිද එම පැවසු නිශාරා ජයරත්න මෙනෙවිය එම අනතුරෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා මියගොස් ඇතැයිද දැනුම් දුන්නාය.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පැදවුවේ මියගිය පොලිස් සැරයන්වරයා බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා පොලිසියට දැනුම් දී ඇතැයිද නමුත් ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ මියගිය පොලිස් සැරයන්වරයා නොව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා බව පොලිස් නිලධාරීන් දැනගෙන සිට ඇතැයිද පැවසු නිශාරා ජයරත්න මෙනෙවිය ඒ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ මියගිය පොලිස් සැරයන්වරයා නොව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා බව දැන දැනම ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා, සෙට්ටිකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ආධාර අනුබල දී ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇතැයිද පැවසුවාය.

