(සමන් පාලිත නානයක්කාර)
හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ හරංකහව ප්‍රදේශයේ අද (8) සිදුවූ නාය යාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී , එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි පොලීසිය කියයි.
හල්දුම්මුල්ල, කිරවනාගම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ මෙම නායයාම සිදු වී ඇති අතර වර්ෂාව සමඟ නාය යාම තවදුරටත් උග්‍ර වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
විකල්ප මාර්ගයක් ලෙස බෙරගල හරහා මං තැන්න මාර්ගය විකල්ප මාර්ගය ලෙස භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.


