(සනත් ගමගේ සහ දිලීප් ජයසේකර)
හම්බන්තොට මහ රෝහලේ හෙද හෙදියන් හා අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් 14දෙනෙකුට හෙට(05) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් නාලක සංජීව මහතා අද(04) පස්වරුවේ නොතීසි නිකුත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා කියයි.
රෝහලේ හෙද හෙදියන් හා අතුරු වෛද්‍ය සේවාවේ නියැලී සිටින අය අතර ඇතිවී තිබෙන අරගලයක් හේතුවෙන් රෝහලේ රෝගී සත්කාර සේවාව නතර වීම හේතුවෙන් අද(04) දිනයේ ද මහ රෝහලට පැමිණි රෝගීහු රෝහල් පරිශ්‍රයට පැමිණ බෙහෙත් දෙන ලෙස ඉල්ලා අරගල කළහ.
මීට පෙර අවස්ථාවලදී ද රෝගීන් මෙලෙසින්ම විරෝධතා පළ කර ඇති බවද, හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාර ප්‍රශ්නයක් මත මෙම හෙද පිරිස ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට බාධා වී ඇති බවද යන කරුණු සලකා බලමින්, රෝහල් අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ල අනුව හම්බන්තොට මූලස්ථාන පොලිසිය හම්බන්තොට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත.

