(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා කඩා දැමීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන මෙම පුද්ගලයාගේ සිතුවම් ඡායාරූපයක් පහතින් දැක්වේ.
එම සිතුවම් ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 0112-326936 හා ස්ථානාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව - 0718591774 යන අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


