(චමිල් රූපසිංහ)
මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්වීම ලද 80 දෙනෙකුට මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුහුණු පාඨාමාලවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීහු සෝදිසි කළහ.
එහිදි අනාවරණය වුයේ මධ්‍යම පළාත් සොඛ්‍ය කේෂත්‍රයේ කම්කරුවන් ලෙස සේවයේ නියුතු අය සදහා උපස්ථායක පත්වීම් පසුගිය අප්‍රේල් මාසයේදී ලබා දී ඇති බවත් එම පත්වීම්ලාභින් සදහා කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදි මාස තුනක පාඨමාලවක් අද දින ආරම්භ කළ බවයි.
කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් මැතිවරණ කාල සීමාව තුළදි අවසර නොගෙනය සාමාන්‍ය ලෙස එහි පුහුණු වැඩ සටහන් පවත්වා තිබේ.
දේශපාලන මැදිහත්විමක් සිදුනොවන නිසා මැතිවරණ දෙපාර්තුමේන්තුවෙන් අවසර ගැනීමක් නොකර සාමාන්‍ය ලෙස පුහුණු පාඨමාලා පවත්වන්නට යෙදුණු බව මැතිවරණ විමර්ශන නිලධාරිවරයා හට කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවැසීය.
එහිදි මැතිවරණ රාජකාරියේ නියුතු විමර්ශන නිලධාරිවරයා විසින් මෙහි ඇති ගැටලුකාරි තත්වය පැහැදිලි කරමින් මැතිවරණ කාල සීමා තුලදි මෙහි පැවැත්වෙන පුහුණු පාඨමාලා සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් අවසර ගැනීමක් කළ යුතු බව දැනුම්වත් කළේය.




