සීමාවාසික වෛද්‍යවරුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි ඉල්ලීමක්


(සිරංගිකා ලොකුකරවිට) 

පුහුණු කාලය ගතකරමින් සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් ටී.ඩී.විමලසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පුහුණු කාලය ගතකරමින් සිටින වෛද්‍යවරුන්ට තම සේවා ස්ථානයේ සිට ඡන්දය සළකුණු කිරීම සඳහා යාම දුෂ්කර බැවින් මේ තත්ත්වය උදාවී තිබේ.

මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දී ඇත්තේ 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනත අනුව යමිනි.

මෙම ලිපියෙහි පිටපතක් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ද යවා තිබේ.