සිවාජිලංගම් පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි


(එෆ්.අස්ලම්)
 
ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
 
සිය ස්ථාවරය සහ තීරණය පිළිබද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ ලේකම් ශ්‍රීකාන්තා වෙත අද (3)වනදා ලිපියක් යොමු කරමින් සිවාජිලිංගම් මහතා මේ බව අවධාරණය කොට ඇත.
 
තමන් ජනපතිවරණය සදහා තරග කිරීම මුල් කරගනිමින් තමාට එරෙහිව පක්ෂයට පටහැනිව කටයුතු කීරීමේ චෝදනාවක් එල්ල කර විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබීම මත තමාම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව සිවාජිලිංගම් මහතා විසින් පක්ෂය වෙත යොමුකර ඇති ලිපියේ සදහන් කර ඇත.
 
සිවාජිලිංගම් මහතා ටෙලෝ සංවිධානයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුනු බවත් ඔහු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් විමෙන් දෙමළ ජාතික සන්ධාන සාමාජිකත්වයෙන්ද ඉවත් වන බවත් ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ලංකාදීපයට පැවසීය.