සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමසාරිස් ජනරාල් ලෙස පත් කරයි


( දිල්රුක්ෂි ග්‍රේ්රු) 

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා  ලෙස  සමන් ශ්‍රී රත්නායක මහතා  පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය  කර තිබේ.
 
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන්  යුත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමැතිය සඳහා සමන් ශ්‍රී රත්නායක මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබිණි.
 
ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී රැස්  වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.