(එෆ්.අස්ලම්)
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒකීය රාජ්‍ය යන සංකල්පය භාෂා තුනට පරස්පර අර්ථදැක්වීම් දැක්වෙන හෙයින් එය සැක සහිත යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.
Unity යන වචනය ඒකීය භාවය නම් එක්සත් ජාතික පක්ෂයද ඒකීය ජාතික පක්ෂය විය යුතු බවත් එය එසේ නොවී මෙය මෙසේ විය යුත්ත ඇයිදැයි තමාටත් දැඩි ප්‍රශ්නයක් බවත් විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.
උතුරේ මාධ්‍ය විසින් සතියකට වරක් යොමු කරන සතියේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කර තිබේ.
2015 ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේ කිසි සහතිකයකින් තොරව එවක පොදු අපේක්ෂකයාට ඡන්දය දීල රැවටුණා.මේ වගේ දිගින් දිගටම සිදුවුනොත් දෙමළ ජනතාව තව තවත් රටේ සුළු ජාතිය බවට පත්වෙනවා.තවත් වතාවක් මේ වගේ අප්‍රසිද්ධත්වයකින් යුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළින් සිදුවන්නේ දෙමළ ජනතාව නැවතත් රුවටීම විතරයි.
දකුණේ කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකු අපේ ඉල්ලීම් 13 පිළිගත්තෙ නැහැ.අපේ පක්ෂ පහ එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වුණෙත් නැහැ. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන විතරක් එයාල ඉදිරිපත් කළා.
පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභයගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ආර්ථික කාරණා ගැන ප්‍රකාශ කරල තියෙනවා.නමුත් ඒ ප්‍රකාශනයේ ජාතික ගැටළුවට විසදුම් ගෙන ඒම ගැන කිසිම සඳහනක් නැහැ.
නමුත් සජිත් ප්‍රේමදාසගේ සිය ප්‍රකාශනයෙන් නොබෙදුන් බෙදිය නොහැකි ශ්‍රීලංකාවක් තුළ උපරිම බලතල විමධ්‍යගත කිරීමක් සහිත විසදුමක් ලබාදෙන බවට ප්‍රතිඥ්ඥා දී තිබෙනවා.
ඊට කලින් 16 වන පිටුවේ මෙසේ සඳහන් වෙලා තියෙනවා.“අපගේ මව්බිමේ ඒකීයත්වයත් භෞමික අඛණ්ඩතාවත් ස්වෛරීභාවය සහ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කරන ශ්‍රීලංකාවක් තුළ උපරිම බලය බෙදාහරින බවට සිංහල ප්‍රකාශනයේ 16 වන පිටුවේ සඳහන් වෙලා තියෙනවා.
ඉංග්‍රීසි බසින් UNITY යන වචනය සිංහල බසින් ඒකීය වශයෙන් භාවිතා කරනවා.එහි නියම ඒකීය භාවය නොව එක්සත් භාවය යන්නයි.ඒ නිසා තමයි යූ.ඇන්.පී ය ඒකීය ජාතික පක්ෂය කියල හඳුන්වන්නෙ නැත්තෙත්.ඒ පක්ශයට කවුරුත් ඒකීය දේශීය පක්ෂය කියල කියන්නෙ නැහැනේ.
නමුත් ඉංග්‍රිසි හා දෙමළ භාෂා ප්‍රකාශන වලින් UNITY කියන එක්සත් බව කියන්නෙ නැතිව ඒකීය භාවය කියන වචනය ඇයි භාවිතා කරන්නේ.
ඒ නිසා සජිත්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරු නැගෙනහිර ජනතාවගේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ද කියල තියෙනවා.
නමුත් දෙමළ ජනතාවගේ මූලික ගැටළුව වන උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,ජාතික ස්වෛරීභාවය සහ ෆෙඩරල් විසදුම ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිවක් සඳහන්ව නැහැ.
ඒකීයභාවය කියන වචනය විතරක් අරන්.එහි අර්ථය අපි දේශපාලන වශයෙන් කුමන බලපෑමක්, ඊට කිසිම තැනක් නැහැ කියන එකයි‘‘ යැයිද විග්නේෂ්වරන් මහතා පැවසීය.

