ශ්‍රී ලංකා කාන්තා පිලට තියුණු පරාජයක්
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් බංග්ලාදේශයේදී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන (එක්දින) ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ ලකුණු 6 ක තියුණු පරාජයක් ලැබීය. මෙම තරගය අද (14) ෆාතුල්ලාහිදී පැවැත්විණි.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 115 ක පහසු ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි.

