ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලූ 7 ක පහසු ජයක්
කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (2011) නෙදර්ලන්තයට එරෙහිව මීර්පුර් නුවරදී අද (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබුහ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වු දෙවැනි තරගය මෙයවන අතර ශ්‍රී ලංකාව පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජය විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 62 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ ඕවර 14.2 කදී කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්වුහ. ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේදී උදේශිකා ප‍්‍රබෝදිනී, සුවිනි ද අල්විස් සහ ෂෙරීනා රවිකුමාර් කඩුලූ දෙක බැගින් ලබා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කාන්තා පිල ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 61 ක් ලබා ගත්තේය.

