(ඩයනා උදයංගනී)
දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ‘කාන්තා කේවළ ඔරු පැදීමේ’ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය සමත් වූවාය.
ඇය ආබාධිත තත්ත්වයට පත්වූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මීට වසර 11කට පෙර පැවැති ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙනි.
වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී මෙම අනතුරට ලක්වීමෙන් පසු ඇයගේ ශරීරයේ ඉණෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වුවද ඇය දෛවයට අභියෝග කරමින් විශේෂ රෝද පුටුවක සහය ඇතිව සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළාය.
ඇය ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ශ්‍රී ලංකාවට අභිමානයක් ද ගෙනඑමිනි.
වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී අනපේක්ෂිත ලෙස මුහුණ පෑ අනතුරින් පසු බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පාලනාධිකාරයට එරෙහිව නඩු පැවරූ සමිතා එම නඩුවෙන් ජයගත් අතර ඇය වෙනුවෙන් කෝටි 18 ක විශාල වන්දියක් ගෙවිමට එම පාලනාධිකාරියට සිදුවිය.
මේ අතර පැරා ඔරු පැදීමේ තරගාවලියේදී පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට එම්. පී. ජයකොඩි මහතා සමත්ව තිබේ.



