වෙල්ගමත් ජනපති සටනට


(ඩයනා උදයංගනී)

           

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මීට පෙර දිනක මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බවයි.

වෙල්ගම මහතා වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස හෙට (4) දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ වැඩබලන ලේකම් රජික කොඩිතුවක්කු මහතා පැවසීය.