වීරවංශ ඇතුළු 6 දෙනාගේ නඩුව කල් යයි


(නිමන්ති රණසිංහ)

විරෝධතාවක් සිදුකර, මහජනතාවට පීඩාකළැයි කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනා සම්බන්ධ නඩුව පෙබරවාරි 17 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(04) නියෝග කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය දක්වමින් කළ විරෝධතාවක් සම්බන්ධයෙන් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබිණි.
 
මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් මැතිවරණ වැඩකටයුතු සඳහා යොමුවී තිබීම හේතුවෙන් නඩුව කල්තබන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.