(දයාසීලී ලියනගේ)
ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3500 ක් ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මෙම ආරක්ෂක නිලධාරීන් රට පුරා ජංගම රථවල රැඳී සිටිමින් ආරක්ෂක කටයුතුවල නියැලෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

