(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 50 දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන්ට අද දහවල් කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය.
අනතුරුව සිසුන් එම ස්ථානයේ වැඩිදුරටත් රැඳී සිටීම හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් ඩී. ආර්. විජේවර්ධන මාවත තෙක්ම සිසුන් පසු පස හඹා ගොස් ඔවුන් පළවා හැරීමට කටයුතු කර තිබිණි.





