( ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
මේ වන විට අපේක්ෂකයින් සම්බන්ධ විරෝධතා 2 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එමෙන්ම ඇප තැන්පත් කළ 8ක් නාම යෝජනා දී නැති බවත් ඔවුන්ගෙන් තිදෙනෙක් පැමිණෙන නැති බවත් දන්වා සිටී. එක් අපේක්ෂකයෙක් පැමිණ ඇතත් මෙතෙක් නාමයෝජනා බාර දී නැතැයි ද සභාපතිවරයා සදහන් කළේය.
අනෙක් අපේක්ෂකයින් සිව් දෙනා පැමිණෙන්නේ ද නැද්ද තමා නොදන්නා බව හෙතෙම කීවේය.
නාමයෝජනා භාර ගැනීම පෙරවරු 11 දක්වා සිදුවේ. අවට ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


