වායු දූෂණය ඉහළ යෑමෙන් දිල්ලියේ පාසල් වසාදමයි


ඉන්දියාවේ නව දිල්ලියේ වායු දූෂණය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් නොවැම්බර් 5 වැනදා දක්වා පාසල් වසා තැබීමට තීරණය කළ බව බලධාරීහු පවසති.

වායු දූෂණය හේතුවෙන් දිල්ලි නගරයේ මහජන සෞඛ්‍ය සම්බන්ධව හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත. 

අවට ප්‍රදේශවල වගාබිම් විශාල වශයෙන් ගිනි තැබීම ද නගරයේ වායු දූෂණය ඉහළ යෑමට හේතුවක් බව ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්‍රිවාල් පවසයි.

ශ්වසන පද්ධතියේ ආබාධ සහිත පුද්ගලයින්ට හා විශේෂයෙන්ම කුඩා දරුවන්ට මෙම තත්වය වැඩි අවදානමක් ගෙනඑන බව ද හෙතෙම සඳහන් කළේය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)