වවුනියාව ලංවිම සේවකයින්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ දී විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට හා විදුලි අධිකාරිවරයාට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු අද (5) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

ආච්චිපුරම් ප්‍රදේශයේ විදුලි පරීක්ෂාවකට ගිය විදුලිබල මණ්ඩලයේ පිරිසකට ඊයේ (04)  ගම්මානයේ පිරිසක් විසින් පහරදීම හේතුවෙන් සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහලගත කළ අතර පසුව තත්වය සොයා බැලීමට ගිය වවුනියාව විදුලි අධිකාරී දිලිප් කුමාර් නැමත්තාට ද පහරදීම හේතුවෙන් විදුලි අධිකාරීවරයා ද රෝහල් ගත කෙරිණි.

විදුලි අධිකාරීවරයාට හිස ප්‍රදේශයට පහර වැදී තුවාල සිදුව තිබෙන අතර තවත් විදුලිබල මණ්ඩල සේවකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතරම ඉන් දෙදෙනකුට බරපතල තුවාල සිදුව ඇති බවට වවුනියාව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පහරදීමට සමබන්ධ තවත් සැකකරුවන් පිරිසක් සැඟව සිටින බවටත් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.