වකුගඩු නැව් ගෙන්වන්නත් වෙයි


 (ක.ග.කරුණාරත්න සහ ඉන්දික අරුණ කුමාර)
 
ගොවීන්ට නොමිලේ දීමට රසායනික පොහොර පිට රටින් ගෙන්වනවා නම්  ඊට පිටුපසින් වකුගඩු නැව්ද ගෙන්වන එක හොඳයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(07) ප‍්‍රකාශ කළේය.
 
ලෝක සෞඛ්‍යය සංවිධානය පර්යේෂණ විශ්ව විද්‍යාල  පර්යේෂණ අංශ කරන ලද සියළු පර්යේෂණ වලින් ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ රසායනික පොහොර,කෘෂි රසායන වකුගඩු රෝගයට මුල්වීතිබෙන බව යැයි ජනාධිපතිවරයා කීය.
 
ගොවි ආර්ථිකය ශක්තිමත් කළයුතුයැයිද,සහනාධාර දියයුතු බවද එහෙත් පොහොර නොමිළයේ දීම හොඳ වැඩක් නොවේ යැයිද ජනාධිපතිවරයා කීවේය.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකලේ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් එහි පැවැති උත්සවයක් අමතමිනි.
 
දුප්පත් ගොවියා නඟා සිටුවීම අවශ්‍ය බව සඳහන් කල ජනාධිපතිවරයා පොහොර නොමිළයේ ලබාදිම තුලින් වකුගඩු රෝගීන් වැඩිවිම සිදුවන හෙයින් එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බවද කීවේය.

(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

(ඡායාරූපය - ක.ග.කරුණාරත්න)