රූපවාහිනීයේ - ස්වාධීන රූපවාහිනීයේ බලධාරීන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි


(රංජන් කස්තුරි)

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්ට හෙට (05) මැතිවරණ කොමිසන් සභාව හමුවේ පෙනී  සිටින්නැයි එම කොමිසන් සභාව දැනුම් දී තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන කොමිසන් සභාවේ ඉහළ කළමනාකාරීත්වයට අද පෙරවරු 10.30 ට පමණ රාජගිරිය මැතිවරණ කොමිසන් සභාවට පැමිණෙන්නැයි දන්වා තිබේ.

ජතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය දිගින් දිගටම මැතිවරණ නීති මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ඉකුත් දිනවලදී පැමිණිලි ලැබී තිබිණ.