රුසියන් ප්‍රතිඵලෙන් විභාග අංශෙ රුසියා නොවේ
කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් හා අලව්ව රාහුල ජාතික පාසලෙන් අපොස උසස් පෙළ රුසියා භාෂා විභාගයට පෙනී සිටි සිසුන් 38 දෙනකුගේ ප‍්‍රතිඵල ලැබී නැත.
නව නිර්දේශය යටතේ ඔවුහු රුසියා බසට පෙනී සිටියහ. අලව්ව රාහුල ජාතික පාසලේ සිසුන්ට විභාග බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි සතියේදී ප‍්‍රතිඵල නිකුත් කරන බවයි.
දැනට ද ආන්දෝලනයකට තුඩු දී ඇති දිස්ත‍්‍රික් හා සමස්ත ලංකා කුසලතා මට්ටම මේ ප‍්‍රතිඵලය ද සමග නැවත වෙනස් විය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. ඉතිරි විෂයන් දෙකටම ඒ සාමාර්ථගත් ශිෂ්‍යාවක ද එම සිසුන් අතර සිටින නිසා දිස්ත‍්‍රික් කුසලතාවවේ විශාල වෙනසක් ඇති විය හැකි බව ඔහු පවසයි.

