(ජයන්ත සමරකෝන්)
අධිකරණවල නඩු කටයුතු සඳහා ඉදිරිපත් කළ යුතු රැඳවියන් එම බන්ධනාගාරවල සිට ඊට පෙරදින පිටස්තර බන්ධනාගාර වෙත රැගෙන යාම නතර කිරීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත.
ඒ අනුව අදාල රැඳවියන් දැනට රඳවා සිටින බන්ධනාගාර වල සිටම අධිකරණ වෙත රැගෙන යාම සිදුවනු ඇතැයි එම මූලස්ථානය පවසයි.
රැඳිවියන් නඩු වාරවලදී දිවයිනේ දුර බැහැර අධිකරණ වෙත රැගෙන යාමේදී හා එම ප්‍රදේශවල බන්ධනාගාර තුළ රඳවා තැබීමේදී විවිධ නීතිවිරෝධි ක්‍රියාවන් සිදුවන බවට පැමිණිලි ලැබීම නිසා මෙම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පැවසීය.

