(රංජන් කස්තුරි)
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාර මහතාගේ බිරිඳ සහ පුත්‍රයා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසන් සභාව එම දැනුම්දීම කර ඇත්තේ රවී විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා විසින් මැතිවරණ කොමිසන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමිනි.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික රවී විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල ජයම්පති රාජසුන්දර විද්‍යාලංකාර මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ තමාට සහ තමන්ගේ මවට මේ මස 4 සහ 5 යන දිනයන්හි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබෙන බවය.
තමන් සහ මව එම දිනවල මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදීම පිළිබඳව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙන ඇතැයිද එමගින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුට විශාල වාසියක් සිදුවන බවද එම පැමිණිල්ලේ සඳහන් කරන අසේල විද්‍යාලංකාර මහතා තමාට සහ මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීම ජනාධිපතිවරණය නිමවූ පසුව එනම් මේ මස 20 වැනිදායින් පසුව සිදුකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

