(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
මෙසේ වසා දමා ඇත්තේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටා ඇති ව්‍යවහාරික විද්‍යා පීඨය,කළමනාකරණ පීඨය,සමාජ විද්‍යා හා මානව ශ්‍රාස්ත්‍ර පිඨය හා තාක්ෂණ විද්‍යා පීඨ හතරය.
පසුගිය සති කිහිපයක් තිස්සේ රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ හේතුවෙන් සිසුන් රැසක් රෝගතුරව ප්‍රතිකාර ලැබූ බව පාලන අධිකාරිය සදහන් කරයි.
උණ රෝගය නිසා බරපතල ලෙස රෝගතුරවු සිසුවියක් පේරාදේණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව එහිදි මිය ගොස් තිබුණි.
මෙසේ මිය ගොස් ඇත්තේ එරන්දි පිටවල නැමති සිසුවියකි. ඇය පිළිමතලාවේ අරබේගම පදිංචිකාරියක් වන අතර ව්‍යාවහාරික විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුවියකි.
මෙම හේතුන් මත රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පිහිටි පීඨ හතර පසුගිය සෙනසුරාදා (2) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

