(ටී.කේ.ජී.කපිල)
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීහු 20 ක් සහ සෙසු නිලවලට අයත් 223 යුතු භට පිරිසක් ද මෙම රාජකාරී සඳහා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයක් එවා තිබිණි.
මෙම භට පිරිස වෙත සුබ පැතීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.





