(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය හෙට (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව නොලැබුණද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගිය සතියේ ලබාදී තිබිණි.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වලින් විරෝධතා එල්ල වූ අතර ජනාධිපතිවරයාට පෙර එම ගිවිසුමට අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මුදල් ඇමැති මංගල සමරවීර මහතාටද දැනුම් දී තිබිණි.
එම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ ගත් තීන්දුව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ.

