(විනීතා එම් ගමගේ)
රාජ්‍ය ආයතන හතරක නීති විරෝධී අන්දමින් රැකියා ලබා දීම් හා ඉඩම් ලබා දීම් පිළිබඳ පැමිණිලි 26 ක් පැෆරල් සංවිධානයට ලැබී ඇතැයි එම සංවිධානය කියයි.
මහවැලි අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සමෘද්ධි දෙපාර්තමේන්තුව, හා අධ්‍යාපන අමාත්‍යංශයෙහි කි‍්‍රයාකාරකම් පිළිබඳව මෙසේ පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානයේ ප‍්‍රකාශකයකු පැවසීය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මහවැලි අමාත්‍යංශයේ ඉඩම් බෙදා දීම් පිළිබඳව ද, සමෘද්ධි අමාත්‍යංශයේ පරිගණක පුහුණු කරුවන් බඳවා ගැනීම් පිළිබඳව ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියා ලබාදීම් පිළිබඳව ද, අධ්‍යාපන අමාත්‍යංශයේ විදුහල්පති ශ්‍රේණියට උසස් කිරීම් පිළිබඳව ද පැමිණිලි ලැබී ඇතැයි හෙතෙම කියා සිටියේය.
එමෙන්ම හම්බන්තොට සිරිබෝ පුර ප‍්‍රදේශයේ මීට පෙර බෙදා දුන් ඉඩමක් යළි බෙදා දීමේ සිද්ධියක් ද සූරියවැව හා පොලොන්නරුවේ සිමෙන්ති බෙදාදීමේ සිද්ධින් දෙකක් පිළිබඳව ද පැමිණිලි ඇතැයි කී එම ප‍්‍රකාශකයා ඒ ඒ සිද්ධින් පිළිබඳව වැඩිදුර සොයාබැලීම් සිදුකරමින් සිටින බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාලව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ පැමිණිලි ලැබී නැතැයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

