මැතිවරණ කාලසීමාවේ වැඩ වර්ජන කිරීමෙන් වළකින්න


(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයට බාධා ඇතිවිය හැකි බැවින් මැතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජනය කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම සියලුම රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීමක් කරයි.

එමෙන්ම දුම්රිය සේවකයින් පිරිසක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය මැතිවරණ කාලසීමාවේදී අත්හරින්නැයි ද වෘත්තීය ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයිද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සමස්ථ රාජ්‍ය සේවකයින්ගේම සහය ජනාධිපතිවරණයට අවශ්‍ය හෙයින් ඒ සඳහා ලබාදෙන ලෙසත් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සියින අතර රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡාවෙන් සම්මුතියෙන් හා එකඟතාවයෙන් විසඳා ගැනීමට උත්සහ දරන්නැයි නිසි බලධරයන්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.