සිඳු එංගලන්තයේ උපන් දරුවෙකි. ඔහු කිසියම් කාරණයක් උදෙසා ලංකාවට පැමිණි මොහොතක පැහැර ගැනීමකට ලක්වූයේය. ඉනික්බිති ඔහුව පැහැරගත් පුද්ගලයන් විසින් සිඳු රැුගෙන ගියේ රජරට ප්‍රදේශයේ කැලෑබද දුෂ්කර ගම්මානයක් වෙතය. වැවත් කුඹුරත් පන්සලත් සංකේතවත් වූ රජරට ගැමි සංස්කෘතියට අයත් මේ ගම්මානය ද ගල්ලෙන්වලින් මෙන්ම රූස්ස වන පෙතකින් ද සමන්විතය. ඒ සමඟම බිහිසුණු සතා සීපාවුන්ද විෂකුරු සර්පයින්ද මේ ගම්මානයේත් වැව් තාවුල්ලේත් සැරිසරති. මෙකී දුෂ්කර කර්කශ ගම්මානයේ සිරගත කෙරුණු සිඳුට ගමේ පන්සලේ වෙසෙන සෝරත පොඩි හාමුදුරුවන් මුණගැසෙයි.
ඝලොකු හාමුදුරුවන්ගේ දරදඬු පාලනය මැද හැදෙන වැඩෙන පොඩි හාමුදුරුවන්ගේ තනි නොතනියට සිටින්නේ ඇබිත්ත මාමාත්, සරණ නම් වූ පූස් හුරතලාත් පමණකි.
සරණත් සමඟ කෙලිදෙලෙන් පසුවන පොඩි හාමුදුරුවන්ට සිඳු මුණගැහෙන්නේ අහම්බෙනි. එතැන්පටන් මේ දෙදෙනා එකිනෙකාගේ හුදෙකලාව සහ තනිකම තුරන්කර ගත්හ. සිඳු නම් ලද ටෙලිනාට්‍යයේ දිගහැරෙන්නේ මෙකී මේ මව් සෙනෙහස අහිමි වූ ළමයින්ගේ කතන්දරයයි. එහි තේමා ගීතය රචනා කරන්නේ සිඳු නිෂ්පාදක ජානක සිරිවර්ධනය.
රණ්ඩුවක් වුණේ නෑ කියන්නම් දිවුරලා
අම්මේ මට කළුවරයි හඳ මගෙන් හැංගිලා
කළුවරට මුවා වී සඳ ළගම ඉන්නවා
හඳේ සා පැටව් නෑ උන් පුතා හොයනවා
එන්න දුර වැඩියි නම් හීනෙකින් එබෙනවද
දන්න කෙනෙකුන් අතේ මගේ හිත එවනවද
දෙන්නා දෙතැනක තියා මොන පවක් ගලනවද
අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද
වැටී වැසි බිඳු හිසට රන් වියන් තැනේවා
නොදී ඇල් දිය කුසට රස බොජුන් ඉදේවා
ඒ මොකුත් නැති වුණත් අම්මේ හෙට හිනැහිලා
ඇවිත් එක්කන් යන්න මම හිමේ තනිවෙලා
ඔබ මේ ගීතයට වස්තු බීජය කරගත්තේ කෙබඳු අත්දැකීමක්දැයි මම ජානකගෙන් විමසුවෙමි.
සිඳු කියන්නෙත් සෝරත හාමුදුරුවො කියන්නෙත් මව් සෙනෙහස අහිමි දරුවො දෙන්නෙක්. සිඳු අම්මගෙන් පැහැරගෙන ඇවිත්. සෝරත හාමුදුරුවො අම්මගෙන් ඈත්කරලා. අපේ රටේ ඉන්න දරුවන්ගෙන් ලක්ෂ ගණනක්ම අම්මගෙන් ඈත් කරපු දරුවො. බොහෝවිට මේ දරු පැටවුන්ගෙ අම්මල ඉන්නෙ පිට රට. එක්කො මැදපෙරදිග. නැත්නම් සයිප්‍රස්. මේ මව් සෙනෙහස අහිමිවීමේ දුකෙන් පීඩා විඳින දරුවො මට මතක් වුණා. මම ඒ දරුවන් ගැන හිතලයි මේ ගීතය රචනා කළේ.
එතකොට මේ ගීතයේ ගායනය හා සංගීතය.
ජානක ෆොන්සේකා කියන ප්‍රවීණ සංගීතඥයයි මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ නමුත් ගායනයට තෝර ගන්තෙ දෙරණ ආයතනයෙන් තෝරාගත් ලිට්ල් ස්ටාර් තරගයෙන් හා ඞී‍්‍රම් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරපු දක්ෂ ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් යශෝධා ප්‍රියදර්ශනී. අනික් එක්කෙනා කවීෂ් ඉඳුවර. මේ දෙන්නා අම්මයි පුතයි විදිහට මේ ගීතය ගායනා කරනවා. ඇත්තටම ඔවුන් බොහොම අපූරුවට මේ ගීතය සහ ගීතයේ අදහස සමඟ බද්ධවෙනවා.
ශකුවි