IMG-LOGO

ජාජබ ප්‍රා.ස.මන්ත්‍රී නිවසට වෙඩිතැබූ සිද්ධියට මෝටර් රියක් සමඟ අයෙක් මාට්ටු

(තරංග ගුණරත්න සහ ගයාන් සූරියආරච්චි)

වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී  නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් බව කියන  මෝටර් රථයක් සමඟ  පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ  වැලිගම උඩුකාව ප්‍රදේශයේ නිවසට ඉකුත් 16 දින උදෑසන 4.40 පමණ වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට සැකකරුවන් පලා ගොස් තිබිණි.

එම වෙඩි තැබීමෙන් අදාළ මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.

යතුරුපැදියකින් පැමිණි බව කියන සැකකරුවන් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින්  වෙඩි තබා තිබූ අතර එහිදී  එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට නිවසේ  සිටි පොලිස් නිලධාරීන් විසින් ටි 56 වර්ගයේ ගිනි අවි වලින් සැකකරුවන් වෙත වෙඩි තබා තිබූ අතර එහිදී සැකකරුවන් පළා ගොස් තිබිණි.

මන්ත්‍රීවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබිණි.


 



අදහස් (1)

ජාජබ ප්‍රා.ස.මන්ත්‍රී නිවසට වෙඩිතැබූ සිද්ධියට මෝටර් රියක් සමඟ අයෙක් මාට්ටු

අරවින්ද මොණරවිල Monday, 28 July 2025 09:49 AM

ඔය පාතාල කල්ලි නායකයාගේ සහචරයෙක් තමයි, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට තරග කරන්නේ. ඒ නිසා ඔය ගේම ගැහුවේ ඔවුන්, එහෙම කරලා තොත්ත බබාලා වගේ මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා ලැජ්ජා නැතුව ! බලය නැතුව මොවුන් රඟන රැඟිලි දැක්කාම, බැරිවෙලාවත් සජිත් ජනාධිපති වුණා නම් අද රට පාලනය කරන්නේ පාතාලයින්...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 175 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 501 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site