- සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදී (35-7)
- මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (36-7)
- උතුරු මැද ටයිපූන්ස් පිල සහ උතුර ග්ලැඩියේටර්ස් පිල අතර තරගය සම විය (21-21)
- යාපනය චැලෙන්ජර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (22-12)
- ඌව වයිපර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)
- නැගෙනහිර ඊගල්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදි (20-12)
- උතුර ග්ලැඩ්යේටර්ස් පිල විසින් දකුණ ෂාර්ක්ස් පිල පරාජය කරන ලදී (31-7)
- උතුරු මැද ටයිපූන්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (36-12)
- මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (45-26)
- නැගෙනහිර ඊගල්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (22-14)
- දකුණ ෂාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-14)
- උතුර ග්ලැඞ්යේටර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදි (24-14)
- මධ්‍යම කිංග්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදී (26-7)
- ඌව වයිපර්ස් පිල විසින් නැගෙනහිර ඊගලස්් පිල පරාජය කරන ලදී (26-17)
- වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපූන්ස් පිල පරාජය කරන ලදී (28-14)
- දකුණ ශාර්ක්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (15-12)
- මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-12)
- ඌව වයිපර්ස් පිල විසින් බස්නාහිර වොරියස් පිල පරාජය කරන ලදී (19-14)
- උතුර ග්ලැඩ්යේටර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-12)
- දකුණ ෂාර්ක්ස් පිල විසින් උතුරු මැද ටයිපූන්ස් පිල පරාජය කරන ලදී (19-7)
මරීජාගේ මධ්‍යම කිංග්ස් පිල පළමු දිනයේ අපරාජිතව සිටී
තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තරග අවසන් වන විට ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩකයා ලෙස සැළකෙන ෆසිල් මරීජා මෙහෙයවන මධ්‍යම කිංග්ස් පිල සහභාගි වූ තරග හතරම ජය ලබමින් පළමු දිනයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.
මධ්‍යම කිංග්ස් පිල මෙම ජයග‍්‍රහණ හතර තුළ ලකුණු 45-26 ක් ලෙස ඌව වයිපර්ස් පිල පරාජය කිරීම කැපී පෙනුණි. මධ්‍යම කිංග්ස් පිලට නවසීලන්තයේ වෘත්තීය ක‍්‍රීඩකයෝ දෙදෙනෙක් සහ ඇෙරිකානු ක‍්‍රීඩකයෙක් ක‍්‍රීඩා කරති.
හිටපු ශ‍්‍රී ලංකා නායක සංජීව ජයසිංහ නායකත්වය දරණ උතුර ග්ලැඞ්යේටර්ස්, කෝසල තිසේරා මෙහෙයවන ඌව වයිපර්ස් සහ අම්ජාඞ් බක්ස් මෙහෙයවන දකුණු ෂාක්ස් යන කණ්ඩායම් තරග තුනක් ජය ලැබීමට සමත් වූහ.
දුෂාන්ත ලෙව්කේ මෙහෙයවන බස්නාහිර වොරියස් පිල සහභාගි වූ තරග හතරම පරාජයට පත්වීම ද කැපී පෙනෙන සිද්ධියකි.
පළමු දිනය වූ අද (29) මූලික වටයේ තරග 20 ක් පැවැත්විණි. හෙට (30) පළමු අදියරේ අවසන් දිනයයි. තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.
තරග ප‍්‍රතිඵල

