(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු මීට සුළු මොහොතකට පෙර බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෝටර් රියකින් පැමිණි ව්‍යාපාරිකයකු මුදල් රැගෙන බැංකුව තුළට යාමට සැරසෙද්දී මෙම කොල්ලය සිදුව ඇතැයි ද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

