බිලියන ගණනක මත් කරල් කල්පිටියෙන් අල්ලයි


(පද්මා කුමාරී කංකානම්ගේ)

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව  මෙරටට රැගෙන එමින් තිබූ මත් කරල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ඉප්පන්තීව් දූපත ආසන්න මුහුදේ දී එක් සැකකරුවකු සහ ඩිංගි යාත්‍රාවක් ද සමගින් කල්පිටිය විජය නාවුක හමුදා නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙහි වැටිනාකම රුපියල් බිලියන ගණනක් විය හැකි බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරු කල්පිටිය කුරක්කන්හේන පදිංචි වයස අවුරුදු 35 ක විවාහකයෙකි.