බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කරයි


පස්වරු 2.30

බන්ධනාගාර වහළය මත  රැදී  සිටින රැදවියෝ ඉන් බස්සවා ගැනීමට බන්ධනාගාර ඉහළ නිලධාරී උත්සාහ දැරූවද අද (14) සවස 2.20 වන විටත් රැදවියෝ  එයට එකඟ වී  නොමැත.


සිය ඉල්ලීම් ඉටු කරන තුරු පහළට නොබසින බවට සටන් පාඨ කියමින් ඔවුහු  තවමත් එහි රැදී සිටිති.

 මේ හේතුවෙන් බන්ධනාගාරය අවට පැය 24 පුරා ආරක්ෂාව තර කර  ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 

රැඳවියන් බිමට බැස මේ පිළිබඳව සාකච්ඡාවකට පැමිණෙන්නේ ඒ සඳහා අවස්ථාව සලසා දෙන බව  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝල මහත්මිය ද  මේ වන විට අදාල අංශ දැනුවත් කර තිබේ.

එමෙන්ම ඔවුන්  බිමට බසින තුරු කිසිඳු සාකච්ඡාවකට  සහභාගී නොවනන බවද  අමාත්‍යංශයේ ලේකම්  මංගලිකා අධිකාරී මහත්මිය සඳහන් කළාය.
මේ අතර   කාන්තා රැඳවියන් වහළයට නගින තුරු නිලධාරීන් ඒ පිළිබඳව බලා සිටියාද, මේ පිටුපස වෙනත් යම් සංවිධානාත්මක  පිරිසක් සිටින්නේද යන්න සම්බන්ධවද පරීක්ෂණයක් අරඹා තිබේ.

මේ වන විට බන්ධනාගාරය අවට වනාතමුල්ල, සීවලී පටුමග  ආශ්‍රිත ප්‍රදේශයේ   ආරක්ෂාව තර කර තිබේ.   බොරැල්ල පොලීසිය, බන්ධනාගාර පරිශ්‍රය වටා  මුර සංචාර සේවාවක්ද ක්‍රියාත්මක කර තිබේ. 

එමෙන්ම  මෙම ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් කිසිඳු කාන්තා රැදවියෙකු  නඩු කටයුතු  අධිකරණයට රැගෙන යාමට  මෙම දින  දෙක තුළ  නොහැකි වු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

 

පෙ.ව 9.31  -  වැලිකඩ උද්ඝෝෂණය ගැන සොයන්න විශේෂ නිලධාරියෙක්

 

( දිල්රුක්ෂි ග්‍රේරු සහ ජයන්ත සමරකෝන්) 

වැලිකඩ  රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා  රැදවියන්  ආරම්භ කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක්  කිරීම සඳහා   අධිකරණ අමාත්‍යංශය මගින්  විශේෂ  නිලධාරියකු පත්කර තිබේ.

සිය මුලික අයිතිවාසිකම්  ඉල්ලමින් කාන්තා රැදවියෝ ඊයේ (13) උදෑසන මෙම උද්ඝෝෂණය  ඇරැඹුහ.


මෙම රැඳවියන් වහලය මතට නැග උද්ඝෝෂණයේ යෙදෙන තෙක් එහි කාන්තා නිලධාරිනියන් කුමක් කළේද යන්න මෙහිදී විශේෂයෙන් සොයා බලන බවද අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය පැවසුවාය.

මෙම තත්ත්වය වළක්වන්නට මෙතෙක් එම කාන්තා නිලධාරින් අපොහොසත්වීම ගැටළුවක් බවද එම කාන්තා රැඳවියන් වහලයෙන් බසින තෙක් ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරිමට අමාත්‍යාංශය සුදානම් නැතැයි ද ලේකම්වරිය කීවාය.